ඔක්,16,(විමසුම) – ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා විසින් අද දහවල් 2.00 ට පමණ පුදුකුඩිඉරිප්පු දකුණේ පිහිටි, එල්.ටී.ටී.ඊ. යුධ උපකරණ සැපයුම් මධ්‍යස්ථානයක් වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බව, ආරක්ෂක අංශ කියයි.
ඔක්,16,(විමසුම) – රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත නීති විරෝධී බවත්, ඒ නිසා එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට තීරණයක් ලබාදෙන ලෙසත් ඉල්ලා, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි.
ඔක්,16,(විමසුම) – වව්නියාවේ මුල්ලිකුලම් ප්‍රදේශයේදී ඇතිවූ දරුණු ගැටුම් වලින් මියගිය කාන්තා කොටි සාමාජිකාවන් 07 දෙනෙකු ගේ මළ සිරරු අද සවස ආරක්ෂක අංශ විසින් වව්නියාව රෝහලට භාරදී ඇත.
ඔක්,17,(විමසුම) – ඉන්දියාවේ මදුරාසි වරායේ සිට සහල් ටොන් 1000 ක් රැගෙන අද ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබූ නෞකාවක්, එරට රේගුව විසින් අනුමැතිය නොදීම නිසා, හිරවී තිබෙන බව, අනාවරණය වේ.
ඔක්,17,(විමසුම) – මුහමලේ සහ නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 7 දෙනෙකු ආරක්ෂක අංශ ප්‍රති ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති බව ආරක්ෂක අංශ කියයි.