අප්‍රේල්,21,(විමසුම) – ඔස්කාර් සම්මාන දිනූ “ස්ලම්ඩෝග් මිලියනය(ර්)” චිත්‍රපටයේ රඟපෑ ළමා නිළි රුබීනා අලී විකිණීමට ඇගේ පියා තැත් දැරූ බව කියන ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව ඇගේ පියා පවසයි.
අප්‍රේල්,21,(විමසුම) – එළඹෙන 25 සහ 26 යන දෙදින තුළ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි සියළුම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කරයි.
අප්‍රේල්,21,(විමසුම) – එල්.ටී.ටී.ඊ.ය විසින් පලා එන සිවිල් වැසියන්ට වෙඩි තබන ආකාරය දැක්වෙන රූපරාමු ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
අප්‍රේල්,21,(විමසුම) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ලබාගැනීමට සූදානම් වන ණය මුදලේ මුල් කොටස තවත් සති තුනකට අඩු කාලයකදී ලැබෙන බව, මහ බැංකු අධිපතිවරයා කියයි.
අප්‍රේල්,21,(විමසුම) – කොටි සංවිධානය කිසිදා යටත් නොවන බවත් දිගටම සටන් කරන බවත් පුලිදේවන් පැවසූ බව, රොයිටර් පුවත් සේවය වාර්තාකර තිබේ.