පෙබ,17,(විමසුම) – මහ බැංකුව විසින් එකතුකළ රුපියල් මිලියන දහයක පමණ ආධාර තොග අවතැන්වූවන් සඳහා අද ගෙනයන බව, මහ බැංකු අධිපතිවරයා පවසයි.
පෙබ,17, (විමසුම) – මැතිවරණ කොමිසමක කාර්ය, මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉටු කරන බැවින් ස්වාධීන මැතිවරණ කොමිසමක් පත්කිරීම අත්‍යවශ්‍ය නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
පෙබ,17,(විමසුම) – කොටුවී සිටින කොටි සංවිධානය, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම වැඩිකර තිබෙන බව යුනිසෙෆ් සංවිධානය කියයි.
පෙබ,17,(විමසුම) – කුලියාපිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාර කරුවන්ගේ නිවාස වලට එම පක්ෂයේම ජයග්‍රාහී අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් අලාභහානි සිදුකරන ලදැයි කැෆේ සංවිධානය කියයි.
පෙබ,18,(විමසුම) – පුදුකුඩිරිප්පු බටහිර සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් එල්.ටී.ටී.ඊ. මළ සිරුරු 11ක් සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.