2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ පිපිරුමක්.  
05/28/2007 17:55

මැයි,28,(විමසුම)-(සිව්වන සංස්කරණය) රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ දී අද සවස 5.40 ට පමණ විශේෂ කාර්ය බලකා ට්‍රක් රථයක් ඉලක්කකර පුපුරාගිය ක්ලේමෝ බෝම්බයෙන් මේ වනවිට හයක් මියගොස් ඇත.



දුම්රිය කතරගමට දික් කරන්න අධ්‍යනයක්.  
05/29/2007 10:33
මැයි,29,(විමසුම) – මාතර සිට හම්බන්තොට හරහා කතරගමට දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට, අවශ්‍ය වන ශඛ්‍යතා අධ්‍යනයක් මේ වනවිට මොරටුව විශ්ව විද්‍යාලය සිදුකරමින් තිබේ.



රත්මලාන බෝම්බයේ මරණ 08 කට නගී.  
05/29/2007 11:30
මැයි,29,(විමසුම) – ඊයේ සවස 5.40 ට පමණ රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී පුපුරාගිය බෝම්බයෙන් මේ වනවිට 08 දෙනෙකු මියගොස් ඇත.



කොළඹ සිසාරා විශේෂ සෝදිසි මෙහෙයුමක්!.  
05/29/2007 12:10
මැයි,29,(විමසුම) – රත්මලානේදි ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව කොළඹ නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරක්ෂක අංශ විසින් මේ වනවිට දියත් කර ඇත.

කොළඹ නගරයට ඇතුලුවන සියලුම රථවාහන සහ සැක කටයුතු පුද්ගලයින් මේ වනවිට පොලිසිය හා හමුදාව ඒකාබද්ධව විශේෂ පරීක්ෂාවට ඊයේ සවස් වරුවේ සිටම ලක් කරමින් පවතින අතර මේ නිසා අද උදෑසන කාර්යාල වේලාවන්හි සිට මේ වනතුරු විශාල රථ වාහන තදබදයක් කොළඹ නගරයේ දක්නට ලැබේ.

මීට සමගාමීව ආරක්ෂක අංශ සමාජිකයින් කොළඹ නගරයේ නිවෙස්ද විශේෂ පරික්ෂාවට ලක් කරමින් පවතින අතර එහිදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වූ පුද්ගලයින් විශේෂ ප්‍රශ්න කිරිම්වලට සහ රඳවා ගැනීම්වලට ලක් කරන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු "විමසුම" ට පැවසීය.

මේ වනවිට ඊයේ සිදුවූ බෝම්බ පිපිරිම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට විශේෂ පරික්ෂණ කණ්ඩායම් 02 ක් යොදවා ඇතැයි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



වැලිගම ප්‍රාදේශීය සභා සභාපති දොට්ට!  
05/29/2007 12:59
මැයි,29,(විමසුම) වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ගේ ධූර කටයුතු අත්හිටුවීමට දකුණු පළාත් සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ පාලනය එහි උප සභාපති වෙත මේ වනවිට තාවකාලිකව පැවරීමට පළාත් සභාව ක්‍රියා කර ඇති අතර හිටපු සභාපතිවරයා ගේ පසුගිය ක්‍රියා කලාපයන් ‍ගැන විමර්ශනයට විශේෂ අධිකරණ නිළධාරියෙකුගෙන් සමන්විත කොමිසමක්ද පත්කර ඇතැයි, දකුණු පළාත් සභාව කියයි.

ව්‍යවස්ථාපිතව පළාත් සභා ප්‍රධාන ඇමතිවරයාට ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.