පෙබ,02,(විමසුම) – විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා අද උදෑසන ජනාධිපති ලේකම්වරයාට භාරදී තිබේ.
පෙබ,02,(විමසුම) – ජනපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ශ්‍රී ලාංකික පුරවැසි බව, අභියෝගයට ලක් කරමින් ජනපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම යළි මාර්තු 18 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද යළි පියවර ගත්තේය.
පෙබ,02,(විමසුම) – සංචාරක සංවර්ධන අධිකාරියේ හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස, එරංග බස්නායක පත්කර තිබෙන බව සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.
පෙබ,02,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලය 2010 වසරේ නොවැම්බර් 19 වනදා සිට ආරම්භ වනබව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.