අප්‍රේල්,02,(විමසුම) – උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාවට ලබාදීම සඳහා රුපියල් බිලියන 1.7 ක් වටිනා ආහාර තොගයක් ඇමරිකාව, ලංකාවට ලබාදීමට සැරසෙයි.
අප්‍රේල්,02,(විමසුම) – පිටරට සේවා කාලය නිමවා ලංකාවට පැමිණි විදේශ සේවයේ නිළධාරීන්ට ගෙවන විශේෂ දීමනාව වහාම අත්හිටුවීමට රජය තීන්දු කරයි.
අප්‍රේල්,02,(විමසුම) – ලංකා බැංකුවෙන් ලබාදෙන ණය සඳහා අයකරන පොලිය 2% කින් අඩුකර තිබෙන බව, ලංකා බැංකුවේ සභාපතිවරයා කියයි.
අප්‍රේල්,03, (විමසුම) – පුතුකුඩුරිප්පු මෙහෙයුම්වලදී හමුදාව එල්ලකළ ප්‍රහාරයකින් චාල්ස් ඇන්තනී බලකායේ නායක අමුතාබ් සහ එහි නියෝජ්‍ය නායක ගෝබිත් මියගිය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.
අප්‍රේල්,03, (විමසුම) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිල රජයේ දේපල අයුතු ලෙස සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කරන බවට මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය චෝදනා කරයි.