අගෝ,02 (විමසුම) – මූල්‍ය වංචා හා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයින් 10 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව එම කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කරයි.
අගෝ,02 (විමසුම) – ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් සාර්ක් සංවිධානයේ සභාපති ධූරය අද ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර කරන ලදී.
අගෝ,02 (විමසුම) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අයහපත් කාළගුණය හේතුවෙන් නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුළු 04 කට ලකුණු 200 ක් රැස්කර ගෙන සිටී.
අගෝ,02, (විමසුම) – වෙල්ලන්කුලම් ලෙසින් හැඳින්වෙන මන්නාරම දිස්ත්‍රික්කයේ කොටි සංවිධානය සතුව තිබූ අවසාන ප්‍රබලතම බලකොටු දෙක අත්පත් කර ගැනීමට වන්නි මෙහෙයුමේ නිරත යුද හමුදාව අද සමත් විය.
අගෝ,02 (විමසුම) – 15 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයේ අවස්ථා ඡයාරූප ඇසට හසුවූයේ මෙසේයි.