මැයි,03 (විමසුම) - පෞද්ගලික පරිභෝජනයට අමතරව වාණිජ පරමාර්ථයෙන් මගී ගමන් මළු තුළ බහා මෙරටට ගෙන එන භාණ්ඩ රාජ සන්තක කිරීමට රජය සැරසෙයි.
මැයි,03 (විමසුම) – මැතිවරණයක් ආසන්න වන විට ආණ්ඩුවේ එකම සහ සුපුරුදු උපක්‍රමය එක්සත් ජාතික පක්‍ෂයට කොටි ලේබලය ඇලවීම බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මැයි,03 (විමසුම) – පිළියන්දල බස් බෝම්බ සිද්ධියට සැකපිට කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්වරයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කොළඹ ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය කියයි.
මැයි,03 (විමසුම) – එ.ජා.පයේ දැනට හිස්ව ඇති ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා එස්.බී දිසානායක මහතා පත් කරන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මැයි,04 (විමසුම) - වීමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් පිහටුවනු ලැබූ නව පක්ෂයේ ලේකම් තනතුර නන්දන ගුණතිලක මහතාටත් ජාතික සංවිධායක ධූරය කමල් දේශප්‍රිය මහතාටත් ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.