අගෝ,18,(විමසුම) – මහේල හා තිලාන් ගේ නොබිඳුණු සබඳතාවය හමුවේ අද දිනය නිමාවන විට කඩුළු 03 කට ලකුණු 293 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වේ.
අගෝ,18,(විමසුම) – මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධියේ සැකකාරියක වන පොලිස් අධිකාරී වාස් ගුණවර්ධනගේ බිරිඳ අද අත්අඩංගුවට ගැනීමට නියමිත බව, පොලීසිය කියයි.
අගෝ,19,(විමසුම) – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මානව හිමිකම් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යයි.
අගෝ,19,(විමසුම) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට ඊයේ පොලිස් කණ්ඩායමක් ගිය නමුත් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව, පොලීසිය කියයි.
අගෝ,19,(විමසුම) – ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අධික වර්ෂාව නිසා නාය යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි, ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.