2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

“ජල දිනය” අදයි.  
03/22/2007 11:42
මාර්තු,22,(විමසුම)-ලෝක ජල දිනය අදට යෙදී ඇති අතර, “ජල හිඟයට මුහුණ දීම” යන්න මෙවර තේමාව ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කර ඇත.



පාකිස්ථානයට ලකුණු 93ක විශිෂ්ට ජයක්  
03/22/2007 11:51

ICC Cricket world cup 2007 - Pakistan won by 93 runs

මාර්තු,22,(විමසුම) - පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර අද අවසන් වුණු දහහත්වන එක් දින තරඟයෙන් පාකිස්ථානයට ලකුණු 93ක විශිෂ්ට ජයක් අත් විය.“ ඩී” කාණ්ඩයේ තරඟයක් වූ මෙම එක් දින තරඟය ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.මෙම තරඟය ඉන්සමාම් උල් හක් ගේ අවසන් එක් දින තරඟය වීම ද විශේෂත්වයකි.



උසස් පෙළ ලියන්න, 80% ක් එන්න ඕන නෑ.  
03/22/2007 12:07
මාර්තු,22,(විමසුම)-උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අනිවාර්ය වූ, 80% ක පැමිණීම පිළිබඳ 2006/45 චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය සංශෝධනය කළ බව, රජය පවසයි.



රිච්ටර් මාපක 5.8 ක භූමි කම්පාවක්.  
03/22/2007 14:01
මාර්තු,22,(විමසුම)-අද උදෑසන 11.40 ට පමණ, ශ්‍රී ලංකාවේ දකුණු දිගින් වූ, මුහුදේ සිදුවූ භූමි කම්පාව නිස‍ා, ශ්‍රී ලංකාවට සුළු හෝ සුනාමි බලපෑමක් ඇතිවේද, නැත්ද යන්න තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



ක්ලේමෝවක් පිපිරී සෙබළු 03 කට තුවාලයි.  
03/22/2007 15:14
මාර්තු,22,(විමසුම)-අද උදෑසන, මන්නාරම-වව්නියාව මාර්ගයේ, පොම්පෙමඩු ප්‍රදේශයේ දී, යුධ හමුදා ට්‍රැක්ටරයක් ඉලක්කකර, එල්.ටී.ටී.ඊ ය පුපුරවා ඇති ක්ලේමෝ බෝම්බයකින් හමුදා සෙබළු 03‍ ක් තුවාල ලබයි.