ජූලි,17,(විමසුම) – කණ්ඩායමෙන් ඉවත් කර සිටි සුපිරි වමත් වේගපන්දු යවන්නා වන, චමින්ද වාස් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය සඳහා කැඳවා තිබේ.
ජූලි,18,(විමසුම) – මෙවර හික්කඩුව වෙරළ සැණකෙලියෙන් ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට වැඩි ප්‍රතිලාභ අත්වනු ඇතිබව, සංචාරක ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි.
ජූලි,18,(විමසුම) – අධ්‍යාපන සහතිකයට වඩා පිළිගැනීමක් වෘත්තීය පුහුණු සහතිකයට ලැබෙන පරිදි ජාතික වෘත්තීය සුදුසුකම් ඇගයීමේ ක්‍රමයක් වෘත්තීය පුහුණු අමාත්‍යංශය සකසා තිබෙන බව, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති පවසයි.
ජූලි,18,(විමසුම) – ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ ජාතික ශිල්ප සභාවේ අනුග්‍රහයෙන් පවත්වන හස්ත කර්මාන්ත අළෙවිපොළ මෙවර පැවැත්වෙන්නේ, කුලියාපිටිය නගර ශාලාවේදීයි.
ජූලි,18,(විමසුම) – කොළඹ තේ වෙන්දේසියට පැමිණි තේ ප්‍රමාණය අඩුවීම නිසා මේ සතියේදී තේ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.