ජුනි,16,(විමසුම) – වවුනියාවේ අවතැන් කඳවුරුවල සිදුවන බව කියන පැහැර ගැනීම් පිළිබඳව පළවන පුවත් අසත්‍ය බවත්, ඒ සම්බන්ධයෙන් වන කිසිදු වාර්තාවක් තමා වෙත නොලැබී ඇති බවත් නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍ය ලේකම්වරයා පවසයි.
ජුනි,16,(විමසුම) - ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ මුදල් නොලැබීමට සම්බන්ධ හේතු නිසා මියගිය තැන්පතුකරුවන්ගේ මරණ සහතික අධිකරණයට ඉදිරිපත් කිරීමට සැරසේ.
ජුනි,16,(විමසුම) - මෙරට ගෑස් මිල තීරණය කිරීමට රජය මැදිහත්වීමට එරෙහිව නෙදර්ලන්තයේ තානාපතිවරයා ඇමති බන්දුල ගුණවර්ධන හමුවේ කරුණු දක්වා ඇතැයි ඇමති බන්දුල කියයි.
ජුනි,16,(විමසුම) – දිවයිනේ විදුලි බල ක්ෂේත්‍රය නියාමනය සඳහා අවශ්‍ය ප්‍රමිති හා සුදුසුකම් ඇතුළත් රෙගුලාසි ළඟදීම හඳුන්වා දෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ජුනි,16,(විමසුම) – නවසීලන්තය ලකුණු 48 කින් පරදවා විස්සයි- විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වේ.