පෙබ,15 (විමසුම) – මධ්‍යම පළාත් සභාවේ ඡන්ද දායකයින් තමන්ට දුන් තීන්දුවට හිස නමන බව එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂක එස්.බී දිසානායක මහතා පවසයි.
පෙබ,14 (විමසුම) – මිග් 27 යානා යොදා ගනිමින් අද සවස කොටි ප්‍රහාරක නෞකා දෙකකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදාව කියයි.
පෙබ,15 (විමසුම) – නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව වයඹ හා මධ්‍යම යන පළාත් සභා දෙකෙන්ම ජනතා විමුක්ති පෙරමුණට එක මන්ත්‍රී අසුනක් පමණක් හිමිවීම ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ වීමක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති.
පෙබ,15 (විමසුම) – වයඹ හා මධ්‍යම යන පළාත් සභා දෙක විජයග්‍රහණය කිරීම සිය මව්බිමට ආදරය කරන සියලු දෙනාගේ ජයග්‍රහණයක් බව මෙම මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටී.
පෙබ,16 (විමසුම) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශනය අනිද්දා (18) ආරම්භ වේ.