දෙසැ,15,(විමසුම) – ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්.කේ. සිවාජිලිංගම් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අද ඇප මුදල් තැන්පත් කළේය.
දෙසැ,15,(විමසුම) – ජන සභා ලේකම්වරුන් ලෙස උපාධිධාරීන් 14,000 ක් බඳවා ගැනීමේ වැඩසටහනට අයදුම් පත් භාරගැනීම දෙසැම්බර් 30 වනදා දක්වා රජය දීර්ඝ කර තිබේ.
දෙසැ,16,(විමසුම) – මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය 2010 පෙබරවාරි මස 04-10 වනදා දක්වා මහනුවර පල්ලෙකැලේදී පැවැත්වීමට රජය තීරණය කරයි.
දෙසැ,16,(විමසුම) – නැගෙනහිර පළාතට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වනවිට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අවතැන්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
දෙසැ,16,(විමසුම) – ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද දහවල් 12.00 ට අවසන් විය.