ජූලි,19,(විමසුම) – නැගෙනහිර පලාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමට අවශ්‍ය පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 56 කින් අද සවස පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ජූලි,20,(විමසුම) – මන්නාරමේ නිලච්චනේ ප්‍රදේශයේ සිටින යුධ හමුදා භට පිරිසකට කොටි ත්‍රස්තවාදීන් අද උදෑසන එල්ලකළ ප්‍රහාරයකින් සෙබළුන් 03 දෙනෙකු මියගොස් ඇතිබව,ආරක්ෂක අංශ කියයි.
ජූලි,20,(විමසුම) – ලබන සැප්තැම්බර් 09 වනදා සිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන “එටිහාඩ්” ගුවන් සේවය කොළඹට පියාසර නොකරන බව, ඒෂියන් ට්‍රිබියුන් කියයි.
ජූලි,20,(විමසුම) –ලංකාව අවට මුහුදේ අද උදෑසන භූ කම්පන දෙකක් සිදුව ඇති බවත්, ඒවායේ ප්‍රමාණය හා ස්ථානය තවමත් අනාවරණය කරගෙන නොමැති බවත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි.