| මැයි,25,(විමසුම) -ශ්‍රි ලංකා පොලිසියට අනුබද්ධව විශේෂ ගුවන් විමර්ෂණ ඒකකයක් පිහිටුවිමට කටයුතු යොදන බව පොලිස්පති වික්ටර් පෙරේරා පවසයි. පොලිස් දෙපාර්තමේන්තුවේ දිගු කාලින සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙවැන්නක් පිහිටුවිම අත්‍යවශ්‍යව තිබු බව අද කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි පොලිස්පතිවරයා පැවසිය. මේ සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් හෙළිකොප්ටර් යානාවක් ලබා දිමට එකඟ වි ඇතැයි ද පොලිස්පතිවරයා සඳහන් කළේය. විශේෂ හදිසි අවස්ථාවන්හිදි,රථ වාහන තදබද පවතින අවස්ථාවන්හිදි,හා නීති විරෝධි මත්ද්‍රව්‍ය සඟවා ඇති රහසිගත ස්ථාන පිළිබඳව තොරතුරු අණාවරණය කර ගැනිම සම්බන්ධයෙන් මෙම විශේෂ පොලිස් ගුවන් විමර්ෂණ ඒකකයේ සහාය ලබා ගැනිමට බලාපොරොත්තු වන බව වික්ටර් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ගුවන් විමර්ෂණ ඒකකය. මගින් වඩා සුපරික්ෂාකාරි සේවයක් රටට ලබා දිමට හැකියාව ලැබෙන බවද පොලිස්පතිවරයා අවධාරණය කළේය. මෙහිදී මාධ්‍යෙවදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ අතුරුදහන් වීමි මැඩලීමට සෑම පියවරක්ම ගෙන ඇති බවත්,සමහර අතුරුදහන් වීමි රජය අපහසුතාවයට පත්කිරිමේ අරමුණින් සිදුව ඇති ඒවා බවත්ය. |