2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

වුල්මර් මැරුවේ බුකීකරැවෝද?  
03/21/2007 11:42
මාර්තු,23,(විමසුම)-පාකිස්ථානු පුහුණුකරු බොබ් වුල්මර්ගේ මරණය මිනිමැරැමක් බවට ජැමෙයිකානු පොලිසිය තහවුරු කිරිමත් සමඟම ලෝක ක්‍රිකට් බලධාරින් ඒ පිළිබඳව විශේෂ රැස්විමක් කැදවා ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු කම්ටුවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විමසුමට පැවසිය.

කෙසේවෙතත් පවත්නා තත්ත්වයන් ශ්‍රි ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වයට බාධාවක් වි නැතැයිද කිසිදු අමතර ආරක්ෂාවක් ලංකා කණ්ඩායමට අවශ්‍ය නැතැයිද ධර්මදාස මහතා කීය.

කෙසේවෙතත් සුලු දෙයට පවා මිනිමැරුමි සිදු වන ප්‍රදේශයක් වන ජැමෙයිකාවේ රාත්‍රි වීදී සංචාරය එතරම් හිතකර දෙයක් නොවන බව එරට බලධාරින් ලෝක ක්‍රිකට් තරඟවලියට සහභාගි වි සිටින සියලුම කණ්ඩායම් වල‍ට හා පිරිස් වෙත පුර්ව අනතුරු හැඟවිම් කර ඇතැයිද දැන ගන්නට ඇත.

බෝබි වුල්මර් මහාතාගේ ගෙල සිර කර සිදු කරන ලැදැයි කියන මෙම ඝාතනයට බුකී කරුවන් සම්බන්ධ බවට විවිධ කටකථා පැතිර යමින් පවතී.

මේවනවිටත් පාකිස්ථාන කණ්ඩායමේ, ඇගිලි සලකුණු ලබා ගෙන ඹවුන්ගෙන් හා වුල්මර් මහතා නවාතැන් ගත් හෝටලයේ සේවකයින්ගෙන් ප්‍රශ්ණ කිරිමට ජැමෙයිකානු පොලිසිය පියවර ගෙන ඇතැයි, විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවුණු පාකිස්ථානු කණ්ඩායම මෙම සෙනසුරාදා පෙරලා සියරට බලා යාමට නියමිත අතර ඊට පෙර මෙයට අදාල පරික්ෂණ කටයුතු නිම කිරිම සැකසහිත බවද ප්‍රවෘත්ති සේවා පවසති.



එකවර හමුදා කඳවුරු 05 කට එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක්.  
03/21/2007 12:10
මාර්තු,21,(විමසුම)– අද උදෑසන 12.40 ට පමණ, එල්.ටී.ටී.ඊ. ය විසින් මඩකළපුවේ හමුදා කඳවුරු 05 ක් වෙත එකවර එල්ලකළ මොටාර් ප්‍රහාරවලින් හමුද‍ා සෙබළුන් 04 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇත.



අදත් ගුවන් ප්‍රහාර.  
03/21/2007 12:21
මාර්තු,21,(විමසුම) – මඩකළපුවේ, වවුනතිව් ප්‍රදේශයේ හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්ක වෙත, අද උදෑසන 10.30 ට පමණ ගුවන් ප්‍රහාර එල්ලකළ බව, ගුවන් හමුදාව පවසයි.



ශ්‍රී ලංකාවේ හමුදාවට ඉන්දීය හමුදා පුහුණුව.  
03/21/2007 15:52
මාර්තු,21,(විමසුම)-විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ. කේ. ඇන්තනී සමග පැවැත් වූ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා හමුදාවට ඉන්දීය හමුදාවේ පුහුණුව තව දුරටත් ලබාදීමටත්, දැනුම හුවමාරු කර ගැනීමටත් අවධානය යොමුවූ බව රජය සඳහන් කරයි.



ජාත්‍යන්තර ප්‍රජාවගේ අනවශ්‍ය මැදිහත් විම් එපා!  
03/21/2007 16:15
මාර්තු,21,(විමසුම)–ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනාවකින් තොරව කවර හෝ ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විමට සුදානම් වන්නේ නම්, ස්වාධින හා සෛවරි රාජ්‍යක් ලෙස ලංකා රජය එම ක්‍රියාමාර්ග තරයේ ප්‍රතික්ෂේප කරන බව , ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තරයේ අවධාරණය කරයි.

එක්සත් ජාතින්ගේ ප්‍රඥප්ති ගරු කරන හා එවා පිළිපැදිමට එකඟ වි ඇති රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සැම අතකින්ම මානව හිමිකම් සුරැකිමට ඉහළින්ම බැදි සිටින බව ද අවධාරනය කරන රඹුක්වැල්ල මහතා, ඹිනෑම ජාත්‍යන්තර සංවිධානයක් අසන ප්‍රශ්න වලට නොපැකිළිව විනිවිදභාවකින් යුතුව උත්තර දිමට සුදානම් යැයිද පවසයි.

ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හංගා සිටිමට කිසිදු දෙයක් රජය සතුව නොමැති බවද අද කොළඹ දි පැවති ආරක්ෂක තොරතුරු දැනුමිදිමේ සතියේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය‍‍.

මේ දිනවල (මාර්තු 12 සිට 30 දක්වා) ස්විටිසර්ලන්තයේ ජිනිවා නුවරදි, පැවෙත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයට සහභාගි වි සිටින, මානව හිමිකම් හා ජාතික අපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ හා නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රමුඛ පෙලේ නිළධාරි පිරිස මානව හිමිකම් පිළිබඳ මුලික කරුණු ගණනාවක් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ගෙන හැර දක්වා ඇත.

දැනට ශ්‍රි ලංකාව ඇතුළත සිදුවෙමින් පවතින විවිධ පුද්ගල අතුරුදහන්විම්,සාවද්‍ය මනුෂ්‍ය ඝාතන හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය විම් පිළිබදව ලැබි ඇති පැමිණිලි හා වාර්තා හා ඒ පිළිබදව සොයා බැලිමට පත්කළ ජනාධිපති විශේෂ කොමිෂම පිළිබදව මෙහිදි කරුණු දක්වා තිබේ.

එමෙන්ම එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දිමට පැම්ණෙන අයගේ ආරක්ෂාව තහවුරු කිරිමට මෙන්ම ඊට එල්ලවිය හැකි බාධා මැඩපැවෙත්විමට විශේෂ ඒකකයක් ද මේවන විට පිහිටුවිමට පියවර ගෙන ඇතිබවද අමාත්‍යවරයා ‍මාධ්‍ය වෙත අණාවරනය කර සිටියේය.

ලක් රජයේ නිල ආරාධනාවකින් තොරව කවර හෝ පාර්ශවයකට රටේ අභ්‍යන්තර කටයුතු සොයා බැලිමට ශාඛාවක් පිහිටුවිමට හෝ මැදිහත්විමට ඉඩ නොදුන්නත්, රජයේ නිල ආරාධනා අනුව ඹිනෑම පාර්ශවයකට ලංකාවේ සෑබෑ තත්ත්වය හෙළිදරව් කිරිමට හා දැක බලා ගැනිමට රජය කිසිලෙසකින්වත් පසුබට නොවන බවද අමාත්‍යවරයා කියයි.

මේ අතරේ නැගෙනහිර අවතැන් වු ලක්ෂ සංඛ්‍යාත පිරිස් බලහත්කාරයෙන් එම ප්‍රදේශවල නැවත පදිංච්කරවිමට රජය උත්සාහ ගන්නාබවට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ගෙන යන ප්‍රචාරයන්ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

අවතැන්වු ලක්ෂ එකහමාරක පමණ පිරිස යළි පදිංච්කරව්මේ ක්‍රියාදාමය රෝස මල් යහනාවක් මත දිවෙන ගමනක් නොවන බව පිළිගන්නා අමාත්‍ය රඹුක්වැල්ල එම නිසා යම් යම් අඩු පාඩු සිදු විය හැකි බව පිළි ගනී.

එහෙත් එම පිරිස් සිය උපන් වාසස්ථාන වලම නැවත පදිංචිකරවාලිම කිසිලෙසකින්වත් බලහත්කාරයෙන් සිදු කරන ක්‍රියාමාර්ගයකි, යන්න හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කරයි.

වාකරේ ජනතාව නැවත පදිංච්කරව්මේ ක්‍රියාදාමයේදි රජය පළමුකොටම පළාතේ නීතිය හා සාමය රැකිමට පොළිසියක් ස්ථාපිත කළ බවත් ,අනතුරුව විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා ලබා දි ජනතාවට සහන සැලසු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.