නොවැ,12,(විමසුම) – මාවිල් ආරු ගොවි වන්දි වංචා නඩුවේ සැකකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
නොවැ,13,(විමසුම) – සෞදි ආරාබියේ කෝටිපති ව්‍යාපාරික, වලිඩ් බින් ටලාල් කුමරු විසින් ලොව පළමු වරට A.380 සුපිරි ගුවන් යානයක් පුද්ගලිකව මිලදී ගැනීමට ඇනවුමක් ඉදිරිපත් කරයි.
නොවැ,13,(විමසුම) – මාවන් අතපත්තුහට මෙම සංචාරය සම්පූර්ණ කිරීමටත්, යළි ලංකාවට පැමිණි පසුව ඔහුට විරුද්ධව විනය පියවර ගැනීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව තීරණය කරයි.
නොවැ,13,(විමසුම) – පංචිකාවත්ත ත්‍රිකෝණය නමින් කොළඹ නගරයේ සිදුකරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ළඟදීම අරඹන බව, රජය කියයි.
නොවැ,13,(විමසුම) – ත්‍රිකුණාමලය වෙල්ගම්වෙහෙර දකුණු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකින් එල්.ටී.ටී.ඊ. නායකයෙකු මිය ගිය බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.