| සැප්,14,(විමසුම)- එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 64 වැනි නිත්‍ය සැසිවාරය හෙට 15 දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එරට වේලාවෙන් සවස 3.00 ට ආරම්භ වේ.
මෙහි රාජ්‍ය නායකයන්, ඇමැතිවරුන් සැසිය අමතන පොදු විවාදය මේ මස 23 -26 දා හා 28-30 සිදුවන අතර ඊට සහභාගි වීම සඳහා අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ඉදිරි දින කිහිපය තුළ අමෙරිකාවට යන බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.
|