2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

අම්පාරේදි, ග්‍රාම ආරක්ෂකයින් 02 ක් දිවි පුදති.  
04/25/2007 14:20
අප්‍රේල්,25,(විමසුම)- අම්පාර බක්මිටියාව කීරගල ප්‍රදේශයේ දි, ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන්, ග්‍රාම ආරක්‍ෂක භටයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

සෝදිසි මෙහෙයුමක යෙදී සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ග්‍රාම ආරක්ෂක භට පිරිසක් මෙම ප්‍රහාරයට ලක් ව තිබෙන අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ තිදෙනෙකු හා ග්‍රාම ආරක්ෂක භටයෙකු සිද්ධියෙන්, තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ කියයි‍.

අද උදෑසන 8‍.30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.



මානව හිමිකම් ගැන සැඟවුන න්‍යාය පත්‍රයක් ඇත.  
04/25/2007 14:50
අප්‍රේල්,25,(විමසුම)-මානව හිමිකම් දඩමීමා කර ගනිමින්, ඇතැමි ජාත්‍යන්තර සංවිධාන සැගවුන න්‍යාය පත්‍රයකට, අනුව කටයුතු කරන්නේ යැයි රජයේ ආරක්ෂක ප්‍රකාශක , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා කරයි .

මූතූර්හි දී, පසුගියදා සුනාමි සහන සේවයේ යෙදි සිටි, රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂා කිරිමට රජය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් අනුව, ස්වාධීන පරික්ෂක වරුන්ගේ සහාය ලබා ගනිද්දි,එම පරික්ෂණ නිමවීමට මත්තෙන්,ඒවායේ අඩුපාඩුකම් විමසීමට එක්සත් ජාතින්ට අනුබද්ධිත ඇතැම් සංවිධාන පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කියයි‍.

අදාල පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවල අඩුපාඩුකම් සම්බන්ධයෙන් විමසීමට මේ අනුව එක්සත් ජාතින්ගේ නීති පිළිබඳ ආයතනයක් පියවර ගෙන ඇතැයිද හෙතෙම පවසයි.

මූතූර් ඝාතන ඇතුලු පසුගියදා සිදුවූ විවිධ මානව හිමිකම් කඩවිම් වලට අදාල සිද්ධින් විමර්ෂණය කිරිම සඳහා රජය මේ වනවිට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදුලාගම මහතාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර එහි කටයුතු විමර්ෂණය කිරිම සඳහා ඉන්දියාවේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයෙකු වු බඝවති මහතාද පත් කර තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී ජාත්‍යන්තරව අදාල කමිටුවල වාර්තා නිකුත්වීමට මත්තෙන් මේ අකාරයෙන් කටයුතු කිරිම‍ ස්වෛරී හා ස්වාධීන රාජ්‍යයක් ලෙස රජය අනුමත නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



සාමයට අපි තාමත් විවෘතයි!  
04/25/2007 15:17
අප්‍රේල්,25,(විමසුම)-රජය කිසිසේත්ම සාම සාකච්ඡා වලින් බැහැර වී නැතැයි, රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි .

එල්.ටී.ටී.ය මානුෂික පදනම්න් ඒ නයින් මාර්ගය විවෘත කරන්නැයි, කොන්දේසි දමමමින්, සාම ක්‍රියාවලියෙන් බැහැර වූ බව කියන අමාත්‍යවරයා, රජය සාමයට ඇති සුදානම නැවත වරක් ශ්‍රි ලංකා සාම නියෝජිත කමිටු ප්‍රධානී, නිමල් සිරිපාල ද සිල්වා මහතා, නෝර්වේ තනාපතිවරයා හරහා එල්.ටී.ටී,ඊ. යට දැන්වීමට පසුගිය සතියේ මේ අනුව පියවර ගත් බවද කියයි.

කෙසේවෙතත් මෙම තත්ත්වය පිළිබඳව දැනුම් දීම‍ට, නෝර්වේ තනාපතිවරයා වන්නිය බලා ගමන් කිරිමට තිබු සුදානම වැලැක්වීමට , ඇතැම් මා‍ධ්‍ය ප්‍රකාශ කළ පරිදි, රජය කටයුතු නොකළ බවද හෙතෙම කියයි.

ඒ වෙනුවට රජය ක්‍රියා කළේ අදාල ගමනේ ඇති අවදානම ගැන නෝර්වේ තනාපතිවරයාට කරුණු කියා පෑම පමණක් බව පවසන, අමාත්‍ය රඹුක්වැල්ල ,ඒ අනුව අදාල ගමන අවලංගු කිරිමට ඔහු ක්‍රියා කර තිබූ බව පෙන්වා දේ.

ජිනිවා සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු යුධ හමුදාපතිවරයා ඉලක්ක කර ගනිමින් පසුගියදා සිදු කළ මරාගෙන ප්‍රහාරය තෙක් රජය කිසිදු යුධමය පියවරක් අනුගමනය නොකළ බවද රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් සාමය මුවාවෙන් ජාතික ආරක්ෂාව බාල්දු කිරීමට රජය කටයුතු නොකරන බවද හෙතෙම තරයේ අවධාරණය කරයි.

පසුගියදා "විමසුම" සමග අදහස් දක්වමින් එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක රාසයියා ඉලන්තේරියන් ප්‍රකාශ කළේ, සටන් විරාම ගිවිසුම ඉතිහාසයේ සිදු වූ අත්වැරදිමකැයි කියූ රජයක් සමග නැවත සාමයක් ගැන කථා කිරිමෙන් ඵලක් නැති බවයි‍.

මේ අතර අද පෙරවරුවේ කොළඹදී පැවති ආරක්ෂක තොරතුරු දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය රඹුක්වැල්ල වැඩිදුරටත් කරුණු දක්වමින් ,උතුරුකරයට රජය ආර්ථික සම්බාධක පනවා ඇතැයි එල්.ටී.ටී.ඊ.ය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.



ආනල්ඩ් ජාත්‍යන්තර තරගවලින් සමුගනී.  
04/25/2007 16:40
අප්‍රේල්,25,(විමසුම)- ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රසල් ආනල්ඩ් ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමට සූදානම්වේ.



කොටි නායකයින් රැස්වන තිත්පොළකට ගුවන් ප්‍රහාර.  
04/26/2007 10:53
අප්‍රේල්,26,(විමසුම)- කොටි නායකයින් රැස්වන කිලිනොච්චි නැගෙනහිර ප්‍රදේශයේ, හඳුනාගත් ඉලක්කයක් වෙත, අද උදෑසන 7.15 ට පමණ, ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇත.