සැප්,12,(විමසුම) –මීළඟ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී, පක්ෂයේ පුරප්පාඩුවී පවත්නා නියෝජ්‍ය හා උප නායක ධූර සඳහා නියෝජිතයින් පත් කිරීමට ඊයේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
සැප්,12,(විමසුම) – ගාල්ල බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ දැරූ සිරකරුවන් 03 දෙනෙකු, බන්ධනාගාර නිළධාරීන් එල්ලකළ වෙඩි පහරින් මියගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.
සැප්,12,(විමසුම) –උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා වැසීමට නියමිතව තිබූ පාසැල් නොවැසීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සැප්,12,(විමසුම) – සිල්ලර වෙළඳපොළේ සහල් සඳහා පනවා තිබෙන මිල සීමාවට වැඩියෙන් සහල් විකුණූ වෙළෙඳුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව, ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
සැප්,12,(විමසුම) – විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට ව්‍යාජ තොරතුරු ලබාදීම සම්බන්ධව වරදකරු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ට අධිකරණය වසර තුනක අත්හිටවූ සිර දඬුවම් නියම කරයි.