| අප්‍රේල්,24(විමසුම)-ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී, තව ස්වල්ප වේලාවකින් ඇරඹෙන ශ්‍රී ලංකා-නවසීලන්ත අතර ලෝක ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම අවසන් පුර්ව තරඟය, ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 7.00 පමණ ඇරඹෙන මෙම තරඟයේ ජයග්‍රහණය ප්‍රාර්ථනාවෙන් ,ලක්ෂ සංඛ්‍යාත ශ්‍රි ලංකික ප්‍රේක්ෂකයින් පිරිසක් මේ වනවටත් සිය නිවෙස්වල හා බාහිරව රූපවාහිණි හා ගුවන් විදුලි මාධ්‍ය වටා එක් රොක්විමට මේ වනවිටත් සැදි පැහැදි සිටිති. පසුගිය 1996 ලෝක කුසලාන අවසන් පුර්ව වටයේ දි එවකට ඉන්දිය නායක මොහොමඩ් අසාරුදින්ගේ බොරු පුරසාරම් මුලාවක් කරමින්, ඉන්දියාවෙදිම ඉන්දියාව පරාජය කර අර්ජුන ප්‍රමුඛ පිරිවර ජය ගත්තා සේම මෙදා මහේල ප්‍රමුඛ පිරිවරද, ආසියානු ක්‍රිකට් ශක්තිය තහවුරු කරම්න් නවසීලන්තය පරදා අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි යන්න සියලු ලාංකිකයින්ගේම මෙන්ම මෙදා මුලුමහත් ආසියාතික ක්‍රිකට් ලෝලින්ගේ දැඩි විශ්වාශය හා ප්‍රාර්ථනය වි තිබේ.
සුපර් එයිටි වටයේදි, නවසීලන්තය පරාජය කරමින් ලංකාව ලබා ගත් ජයග්‍රහනයේ මානසිකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රි ලංකා පිලට එදා තරඟයට තරඟ නොවැදුනු ලසිත් මාලිංග ද එක් විම දැඩි ශක්තියක් වනු ඇත.
එමෙන්ම නවසිලන්ත නායක ස්ටිවන් ෆ්ලේමින් ඉක්මනික් දවා ලමින් කණ්ඩායම ජයග්‍රහි මාවතකට ප්‍රවේශකර විමේ කාර්යයභාරය වාස් ගේ වමත් වේග පන්දුවට පැවරි ඇත. ඉතිහාසයේ කිහිපවරක්ම වාස් ට මුලාවු ෆ්ලේමින් අද මේ වැදගත්ම තරඟයේදි, නායකත්වයේ වගකිම පෙරදැරිව ශ්‍රි ලංකා පිලට එරෙහිව බොහො තුරුමිපු දැනටමත් සැලසුමි කර ඇති බව නම් නොඅනුමානය.
ඒ අනුව අද තරඟයට නවසිලන්ත පිලේ වෙනස්කම් කිහිපයක් සිදු විමට අපේක්ෂිතය.
චමින්ද වාස් , ලසිත් මාලිංග සුසංයෝගයට දිල්හාර ප්‍රනාන්දු, ෆ්වෙස් මහරූෆ් අභිබවා වේග පන්දු යවන්නන් ලෙස එක්වනු ඇතැයි, අපේක්ෂිතය.
මෙවර තරඟවාලියේ මෙතෙක් සිදු වු පරිද්දෙන් හිටපු නායක මාවන් අතපත්තු තරඟ නරඹන්නෙකු කරමින් උපුල් තරංග කෙරෙහි කණ්ඩායම අද තරඟයේත් විශ්වාශය තබනු ඇතැයි අපේක්ෂිතය.
ජයසුරියගේ ප්‍රවේගවත් අරම්භය යළිත් ක්‍රියාත්මක වුවහොත් මැද පෙලේදි චාමර සිල්වා,රසල් අර්නෝල්ඩි හා ඩිල්ෂාන් ගේ කාර්යය තවත් පහසු වනු ඇත.
ඉදිරිපෙල පිතිකරුවන් ලෙස නායක හා උපනායක දේපල වන මහේල හා සංගක්කාර දේපලමත දැඩ් වගකිමක් පැවරි ඇත.
ඒ සමගින් මුරලි ගේ දුස්රාව නවසීලන්ත පිතිකරුවන්ගේ පා අවරණ මැදින් විකට්ටුව වෙත ඇදි ගියහොත් ජයග්‍රාහි මාවත වඩාත් තිව්‍ර වනු ඇත.
ශ්‍රි ලංකා පිලේ ජයග්‍රහනය පතා ඊයේ කොළඹ ශ්‍රි ලංකා ක්‍රිකට් මුලස්ථනයේදි විශේෂ ආගමික වතාවත් පැවති අතර හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින්ද එන්.සී.සී ක්‍රිඩාංගනයේ සිට ලංකා පිල සමඟ දුරකතනයෙන් සම්බන්ධවෙම්න ඊයේ සුභාෂිංශන පිරිනැමිය.
මේවනවිටත් ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානි ජයන්ත ධර්මදාස ප්‍රමුඛ පිරිසක් අද තරඟය දැකබලා ගැනිම සඳහා කොදෙවි දුපත් වෙත ළගා වි සිටිති.
ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අවසන් පූර්ව තරගය හෙට (25) ශාන්ත ලුසියාහි බියුසිජෝර් ක්‍රීඩාංගනයේදී පැවැත් විමට නියමිතය.
අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතර අන්තර්ජාතික එක්දින තරග ශ්‍රේණිගත කිරීම් අතර පෙරමුණේ පසුවීම විශේෂත්වයක් වේ.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව මුල් පෙළේ පසුවන පිතිකරුවන් දස දෙනා අතරින් පිතිකරුවන් හත් දෙනෙකුම මෙවර අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ රටවල් නියෝජනය කරන අතර ඊට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්, මාර්ක් හුසේ, මැතිව් හේඩ්න්, ඇන්ඩෘ සයිමන්ස් ද, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත් හා ජැක් කලීස් ද ඇතුළත් වේ.
එමෙන්ම එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව මුල් පෙළේ පසුවන පන්දු යවන්නන් අට දෙනා ද මෙම අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ රටවල් නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ චමින්ද වාස් හා මුත්තයියා මුරලිදරන් ද, ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ග්‍රාත් හා නේදන් බ්‍රැකන් ද, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් හා මකායා න්ටිනි ද, නවසීලන්තයේ ෂේන් බොන්ඩ් හා ඩැනියෙල් විටෝරි ද ඊට අයත් වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 28 වන දින බාර්බඩෝස්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
|