ජන,11,(විමසුම) – රූපවාහිනී සංස්ථාවට කඩාවැදී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහරදුන් බවට, චෝදනා එල්ලවූ නුවන් උදය ගුණතිලක නැමැත්තා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
ජන,11,(විමසුම) – මරදාන, මාලිගාකන්ද දෙවන පටුමගේ නිවසක පිටුපස වළදමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ 20 ක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත.
ජන,11,(විමසුම) – සිය ආරක්ෂාව අඩු කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියන් ලබාදෙන ලෙසත් ඉල්ලා රාවුෆ් හකීම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ජන,11,(විමසුම) – (තෙවන සංස්කරණය)- කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ 07 වන වේදිකාවේ මීට සුළු වේලාවකට කලින් පිපිරීමක් සිදුව තිබෙන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
ජන,11,(විමසුම) – කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ 07 වන වේදිකාවේ අද රාත්‍රී 7.35 ට පමණ සිදුවූ පිපිරීමෙන් ජීවිත හානි වාර්තා නොවන බව, ආරක්ෂක අංශ කියයි.