| තුන් දහසක සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක්
පෙබ,13,(විමසුම) – කොටින්ට එරෙහිව සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරයි.
“විමසුම” ට වාර්තා වෙන්නේ, පසුගියදා නිකෝසියාහි, සයිටා පාර්ක්හිදී පැවැත්වුණු මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයින් තුන්දහසක් පමණ සහභාගී වී සිටි බවයි.
මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ, සයිප්‍රසයේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකා ශුභසාධන සංගමය වන අතර උද්ඝෝෂණයට සයිප්‍රසයේ විවිධ නගරවල සිටින ලාංකිකයින් පැමිණි බව වාර්තා වේ.
නිකෝසියා නගරය වටා සාමකාමී පා ගමනක යෙදී තිබෙන මෙම උද්ඝෝෂකයින් විසින් කොටින් විසින් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස කොටුකර ගෙන සිටීම පිළිබඳව දැනුවත් කරමින් ලියවිල්ලක් සයිප්‍රසයේ පාර්ලිමේන්තුවට යොමුකර තිබේ.
මෙම උද්ඝෝෂණයේ ඡායාරූප මෙන්න
|