සැප්,10,(විමසුම) – මේ වසර අවසන් වනතුරු සත පහකින් හෝ කිරිපිටි මිල තවත් වැඩි කිරීමට ඉඩ නොදෙන බව, ඇමති බන්දුල ගුණවර්ධන කියයි.
සැප්,10,(විමසුම) – (තෙවන සංස්කරණය) ගල්කිස්ස, ද සේරම් පාර දුම්රිය පාරට සම්බන්ධ වන ස්ථානයේ අද රාත්‍රී 7.40 ට පමණ සිදුවූ පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
සැප්,11, (විමසුම) – ලබන නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පමණ අඩුකළ හැකිබව, ලාෆ්ස් සමාගම කියයි.
සැප්,11,(විමසුම) – 2008 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ලබාදුන් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමත් විය.
සැප්,11,(විමසුම) – කන්කසන්තුරේ, චාවකච්චේරි ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කර තිබෙන බව, පොලීසිය කියයි.