දෙසැ,11,(Vimasuma) – ඉරනමඩු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බංකර් සහ ශක්තිමත් සථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ පවසයි.
දෙසැ,11,(Vimasuma) – ඉදිරි වසර 03 සඳහා තීරු බදු රහිතව යුරෝපා වෙළෙඳපොළට නිෂ්පාදන අපනයනය සඳහා ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලික පදනමක් මත ශ්‍රී ලංකාවට පිරිනමා ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි.
දෙසැ,11,(Vimasuma) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උපයන මුදල් කළමනාකරණය කිරීම සඳහා භාරකාර අරමුදලක් පිහිටුවීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
දෙසැ,12,(විමසුම) – පසුගියදා ආරක්ෂක අංශ විසින් අත්පත් කරගත් යුදමය වශයෙන් ඉතා වැදගත් කිලිනොච්චියේ තෙරුමුරිකන්ඩි හන්දියේ ඡායාරූප මෙන්න.
ඡායාරූප- ආරක්ෂක අමාත්‍යංශය
දෙසැ,12,(විමසුම) – සිදුව ඇතැයි කියන “හෙජිං” දූෂිත ගනුදෙනු නිසා, මහ බැංකු අධිපතිගේ හා එහි මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ සේවය අත්හිටුවන ලෙස, එ.ජා.ප.ය අධිකරණයෙන් ඉල්ලයි.