2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

කොටි මුදල් එකතු කිරීම අහුරන්න, සහාය දෙන්න.  
03/16/2007 12:57
මාර්තු,16,(විමසුම)-එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුදල් රැස් කිරීමේ කටයුතු වැළැක්වීමට සහාය ලබාදෙන ලෙස, විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභිකයන් හමුවූ විට ඉල්ලා ඇත.



ආසන සංවිධායක ධූරවලින් ශ්‍රීපති-මංගල දොට්ට.  
03/16/2007 13:14
මාර්තු,16,(විමසුම)-ඊයේ සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්, ශ්‍රීපති සූරියආරච්චි හා මංගල සමරවීර මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධූර අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කර ඇත.



මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මරුට.  
03/16/2007 14:59
මාර්තු,16,(විමසුම)-යාපනයේ, සවල්කට්ටු මාර්ග බාධකයේ දී, අද දහවල් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ කොටි සමාජිකයෙකු, හමුද‍ා වෙඩි පහරින් මියගොස් තිබෙන බව, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.



මාතර ශ්‍රී.ල.නි.ප නව නායකයා ඩලස්.  
03/16/2007 16:49
මාර්තු,16,(විමසුම)-මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව නායකයා ලෙස, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පත්කර තබෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පවසයි.



එංගලන්ත,නවසීලන්ත තරඟයෙන් නවසීලන්තයට කඩුලු 6ක ජයක්  
03/17/2007 12:57

New Zealand won by 6 wickets

මාර්තු,17,(විමසුම) - එංගලන්තය හා නවසීලන්තය අතර අද අවසන් වුණු සයවන එක් දින තරඟයෙන් නවසීලන්තයට කඩුලු 6ක ජයක් අත් විය.“සී” කාණ්ඩයේ තරඟයක් වන මෙම එක් දින තරඟය සෙන්ට් ලුසියාහි දී පැවැත්විණි.