නොවැ,10 (විමසුම) – ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පහක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ලෙස හැඳින්වෙන ශාන්තන් නැමැත්තා තමන් වැරදිකරු නොකරන ලෙස ලන්ඩනයේ මධ්‍යම අපරාධ අධිකරණය වෙත ආයාචනය කොට ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
නොවැ,10 (විමසුම) – වසර 2014 දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ස්කොට්ලන්ඩ්හි ග්ලාස්ගෝ නගරය තෝරා ගැනිණි.
නොවැ,10 (විමසුම) – බෙනාසීර් භූතෝ මහත්මිය සිය නිවාස අඩස්සියෙන් මුදා හැරීමට පාකිස්ථානු රජය මීට සුළු මෙහොතකට පෙර ක්‍රියා කර ඇතැයි ඒජන්සි වාර්තා අනාවරණය කරයි.
නොවැ,10 (විමසුම) – බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ යාල ප්‍රදේශය භාර නව අණදෙන නිළධාරිවරයා ලෙස පත් කොට ඇති අතර පොලීසිය හා යුධ හමුදාව යන දෙ අංශයම භාරව ඔහු කටයුතු කරනු ඇත.
නොවැ,10 (විමසුම) – කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදය අවම කළ හැකි ආකාරයේ නව ප‍්‍රවාහන සැළැස්මක් කි‍්‍රයාත්මක කිරීම සඳහා කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.