අර්ථ සාධක අරමුදල විසින් බැංකුවල කොටස් මිලදී ගැනීමේදී මතුවීමට හැකියාව තිබෙන නියාමන ගැටුමක් පිළිබඳව අනතුරු හැඟවූ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ඒ සම්බන්ධයෙන් පසුව නිකුත් කළ පැහැදිලි කිරීම පිළිබඳව ප්‍රසාදය පළකරන බව මහ බැංකුව කියයි.
අද දිනයේදී ඩොලරයක මිල නව වාර්තාගත මිලක් දක්වා ඉහළ ගොස් රුපියල් 134.00 ක මට්ටමකට පැමිණි බව මුදල් වෙළෙඳුන් පවසයි.
ටෝකියෝ නුවර පදනම් කරගත් Bansai Securities ආයෝජන සමාගම ඩොලර් මිලියන 125 ක් වටිනා මෙරට රුපියල් සුරැකුම්පත් මිලදී ගැනීමට සූදානම් බව විදේශ අමාත්‍යංශය කියයි.
ශිරාන් රණසිංහ
රාත්‍රි කාලයේදී ඇතිවන අධික විදුලි ඉල්ලුම සපුරාලීමේදී අමතර විදුලි සංචිත විශාල වශයෙන් පද්ධතියේ රඳවා තබා ගැනීමට නොහැකි වීමෙන් මේ දිනවල රාත්‍රි කාලයේ යම් යම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් සිදුවන බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.
මිලංක මිල දර්ශකය ජූලි 01 වනදා සිට සංශෝධනය කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ කටයුතු කර තිබෙන අතර රක්ෂණ, දේපොළ, ආයෝජන හා පරිගණක සමාගම් කිහිපයක් අළුතින් දර්ශකයට ඇතුළත් කර තිබේ.