නොවැ,13, (vimasuma) – උතුරේ ද්‍රවිඩ ජනතාවට ආධාර රැගෙන ඉන්දියාවේ සිට පැමිණෙන නෞකාව ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලඟාවනු ඇති බවට විශ්වාස කෙරේ.
නොවැ,14, (vimasuma) – කරදියනාරු ප්‍රදේශයේදී ටී.එම්.වී.පී. සාමාජිකයින් දෙදෙනෙකු වෙඩිතබා මරා තිබෙන බව පොලීසිය කියයි.
නොවැ,14, (vimasuma) – පසුගියදා බෙලිඅත්තේදී අතුරුදන් වූ පුද්ගලයෙකු අද අලුයම හුංගමදී සොයාගත් බව පොලීසිය පවසයි.
නොවැ,14, (vimasuma) - ශ්‍රී ලංකාවේ මිලියන 02 කට අධික පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
නොවැ,14, (vimasuma) – කොටින් සමග ඉක්මන් සටන් විරාමයක් අරඹන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කර තිබෙන යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තාවේ.