දෙසැ,01 (Vimasuma) –ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) වතිකානුෙව් 16 වන බෙනඩික් පාප් වහන්සේ බැහැ දැකීමට නියමිත බව රජය පවසයි.
දෙසැ,01 (Vimasuma) –අපොස (සා/පෙළ) විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපැල් කිරීම අදින් අවසන් වන විභාග දෙපාර්තමේන්තුව කියයි.
දෙසැ,01 (Vimasuma) –පැපිලියාන ප්‍රදේශයේ හානියට පත් ප්‍රධාන ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර, මේ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නිෂ්පාදන අංශය පවසයි.
දෙසැ,01 (Vimasuma) –අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු සහ දුම්රිය වාරප්‍රවේශ පත්‍ර ගාස්තු පහළ යයි.
දෙසැ,01, (Vimasuma) – ශ‍්‍රී ලංකාවේ මේ වනවිට එච්.අයි.වී. (HIV) ආසාදිතයින් 1029 ක් නිළ වශයෙන් වාර්තා වී ඇති අතර නිළ නොවන ඇස්තමේන්තු වලට අනුව 5000 ක් පමණ වෙතැයි සෞඛ්‍ය අංශ පවසයි.