නොවැ,01,(විමසුම)- කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ ලක්ෂ්‍යමය පදනම අනුව, මේ මාසයේ උද්ධමනය 19.6% ක් තරම් ඉහළ අගයක් ගෙන ඇතැයි, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
නොවැ,01,(විමසුම)- අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය විසින් යුධ පුවත් වාර්තා කිරීමට සීමා පනවා තිබේ.
එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් මරුට
නොවැ,01,(විමසුම) – වවුනියාව පෙරියතම්පනේ ප්‍රදේශයේ වූ එල්.ටී.ටී.ඊ බංකරයක් වෙත ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් මිය ගිය බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ‘විමසුම’ට පැවසීය.
නොවැ,01,(විමසුම) – මුලතිව් කොක්කුතුඩුවාව ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ පුහුණු කදවුරු 2ක් ඉලක්ක කරමින්, අද උදෑසන ගුවන් ප්‍රහාර එල්ල කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ‘විමසුම’ට කීය.
නොවැ,01,(විමසුම) – යටියන්තොට, තුන්කිඳ ප්‍රදේශයේදී වෑන් රියක් කැළණි ගඟට පෙරලීමේ අනතුරෙන් අතුරුදන්ව සිටි අයගෙන්, දෙදෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන සොයාගෙන තිබේ.