කාට කියමුද අපි දොස්!
මාලක සිල්වාගේ නිදහස් වීම රටේ නිදහස සම්බන්ධයෙන් ඇඳ තිබෙන හොඳ චිත්‍රයක් ලෙස ගත හැකිය. 2012 සැප්තැම්බර් නව වැනිදා අලුයම කොළඹ ජායික් හෝටල් සංකීර්ණයේදී බුද්ධි බළකායේ මේජර් චන්දන ප්‍රදීප් සමග මාලක ඇතුළු පිරිස ගැටුමක් ඇති කරගත්තේය. පසුදා පුවත්පත් එහි විස්‌තරාත්මක කරුණු ඇතුළත් කර සිද්ධිය වාර්තා කළේය. එතැනදී පෙනී ගිය කාරණයක් වූයේ මේජර්වරයාගේ හිසට තුවාල සිදුවී තිබූ අතර ගෙලේ තිබූ රන් මාලය කඩාගෙන, ජංගම දුරකථනය ද අස්‌ථානගත කර, කාර් රථයේ යතුර ද ඩැහැගෙන, රාජකාරි ගිනි අවිය ද මාලක ඇතුළු පිරිස සන්තක කරගත් ආකාරය ය. මේ සියල්ල ජායික් හිල්ටන් හි පිහිටා තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සනිටුහන් වී තිබිණි. මාලක සිල්වා හා ඔහුගේ සමීප මිතුරු රොහාන් විඡේරත්න මෙතැනදී ප්‍රධාන සැකකරුවන් බවට පත්විය.