|
මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 1.07 කින් ඉහළ ගොස් ඒකක 4,865.12 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.33 කින් ඉහළ ගොස් ඒකක 4,327.97 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 673.9 ක්වූ අතර මින් අඩක් පමණම පැමිණියේ ජෝන් කීල්ස් සමාගමෙනි.
ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.80 කින් පහළ ගොස් රුපියල් 185.00 ක්වූ අතර කොටස් මිලියන 2.1 ක් අලෙවි වී තිබේ.
මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 391.3 කි.
ජෝන් කීල්ස් සමාගමේ කොටස් 271,000 ක්, 430,275 ක් සහ කොටස් මිලියනයක් යන ගනුදෙනු තුනක් කොටසක් රුපියල් 185.00 බැගින් සිදුවී තිබෙන අතර තවත් කොටස් 158,943 ක ප්‍රමාණයක් කොටසක් රුපියල් 187.80 බැගින් අලෙවි වී තිබේ.
මේ අතර, Central Finance PLC සමාගමේ කොටසක් රුපියල් 7.70 කින් ඉහළ ගොස් රුපියල් 131.00 ක් වෙද්දී ගනුදෙනු වී තිබෙන කොටස් ප්‍රමාණය 554,718 කි.
මෙම සමාගමේ කොටස් 275,000 කින් සමන්විත කොටස් ගනුදෙනු දෙකක් ගිවිසගෙන තිබූ කොටසක් රුපියල් 135.00 ක මිලකට සිදුවූ බව තැරැව්කරුවෝ පවසති.
එසේම, Citrus Leisure PLC සමාගමේ කොටසක් රුපියල් 1.70 කින් පහළ ගොස් රුපියල් 21.30 ක්වූ අතර කොටස් මිලියන1.7 ක් ගනුදෙනු වී ඇත.
|