|
මේ අනුව, මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 08 කින් ඉහළ ගොස් සියයට 11.12 ක්ද, මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 14 කින් ඉහළ ගොස් සියයට 12.47 ක්ද, අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 10 කින් ඉහළ ගොස් සියයට 12.88 ක්ද වී ඇත.
වෙන්දේසියට රුපියල් බිලියන 15 ක් වටිනා බිල්පත් ඉදිරිපත් කර තිබෙන අතර වෙළඳ පොළින් පිළිගෙන තිබෙන්නේ රුපියල් බිලියන 11.7 ක ලංසු පමණි.
රුපියල් බිලියන 3.0 ක මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 6.0 ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 2.7 ක අවුරුද්දේ බිල්පත්ද විකුණා තිබේ.
|