|
මෙම වර්ගීකරණ පද්ධතිය ගොඩනගන්නේ LIRNEasia ආයතනය වන අතර ජංගම දුරකතන වැනි තොරතුරු තාක්ෂණ ක්‍රම ගොවීන්ගේ ජීවන තත්ත්වය හා ආදායම් ඉහළ දැමීම සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි යනුවෙන් එම ආයතනය කරන වැඩසටහන යටතේ මෙම පද්ධතිය ගොඩ නැගේ.
කෘෂි කාර්මික සැපයුම් දාමයේදී කාර්යක්ෂමතාවය වැඩිවන පරිදි පිරිවැය හා ව්‍යුහාත්මක බාධා අඩුකරමින් කුඩා සැපයුම්කරුවන් හොඳින් ඒ සඳහා ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි මෙම වැඩසටහන මගින් සොයා බලයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් LIRNEasia ආයතනයේ සමීක්ෂණ කළමනාකරු නිලූෂා කපුගම පැවසුවේ හොඳ පැල වර්ග හා බීජ වර්ග ලබාගැනීමේදී ගොවීන් දුෂ්කරතාවයන්ට මුහුණදී ඇතැයි අනාවරණය වී තිබෙන බවයි.
මෙම ආයතනය විසින් ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව යන රටවල කෘෂි කාර්මික සැපයුම් දාමය පිළිබඳවද අධ්‍යනය කරයි.
සිය සමීක්ෂණයේ තොරතුරු හෙළිදරව් කළ බැංකොක් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ගබඩා කිරීම වැනි පසු අස්වනු පහසුකම් වලට ප්‍රවේශ වීමට ගොවීන් තුළ තිබෙන දැනුම අල්ප බවයි.
සමහර අවස්ථාවල වෙළඳ පොළේ රෝගා බාධයන්ට ගොදුරුවූ අන්නාසි පැල තිබෙන බවත් අළුත් වගාකරුවෙකුට සමහර අවස්ථා වලදී එක්වරම එය තෝරා බේරාගැනීම අපහසු බවත් ලංකාවේ අන්නාසි ගොවීන් පිළිබඳව අදහස් දක්වමින් නිලූෂා කපුගම පවසයි.
එවැනි රෝගා බාධ නිසා සමස්ත වගාවම විනාශ වී ගොවියා අමාරුවේ වැටෙන බව ඇය සඳහන් කළ අතර ණය ගෙන වගාකර තිබෙන ගොවීන්ට මෙවැනි විනාශයක් දැරීම බෙහෙවින්ම අපහසුයැයි කියයි.
මේ අනුව, මෙවැනි ගොවීන්ට පිහිටවීම සඳහා තම ආයතනය විසින් හොඳ පැල සැපයුම්කරුවන්ගේ නම් දැක්වෙන වර්ගීකරණ පද්ධතියක් ගොඩ නගමින් සිටින බවත් එය ජංගම දුරකතනයක් තුළින් ගොවීන්ට ලබාගත හැකි බවත් ඇය පවසයි.
|