|
ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම් හමුවේ ඇමරිකානු ආර්ථිකය තවමත් සම්පූර්ණයෙන් යථාතත්ත්යට පත්වී නොමැති බව ඇමරිකානු මහ බැංකුව වන Federal Reserve බැංකුවේ සභාපති Ben Bernanke පවසා ඇතැයි බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
මේ නිසා, මූල්‍ය වෙළඳ පොළවල ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් නියාමන ක්‍රියා මාර්ග අවශ්‍යව ඇතැයි හෙතෙම අවධාරණය කර තිබෙන අතර ඉදිරියේදී අපේක්ෂා නොකරන අවධානම්ද ලෝකයේ ලොකුම ආර්ථිකය වන ඇමරිකාවට ඇතිවිය හැකි බවත් හෙතෙම සඳහන් කර තිබේ.
පසුගිය මාසයේදී ඇමරිකානු මහ බැංකුව විසින් මූල්‍ය කම්පනයකදී බැංකු වලට ඔරොත්තු දීමට තිබෙන හැකියාව පිළිබඳව ඇමරිකානු බැංකු 19 ක් ගෙන පරික්ෂණයක් කර තිබෙන අතර එයින් Citigroup ඇතුළුව බැංකු හතරක් අසමත් වී තිබෙන බව සඳහන්ය.
කෙසේවෙතත්, 2008 මූල්‍ය අර්බුදය පැවති සමයට වඩා අදාළ බැංකු සියල්ලේම ශක්තිය වර්ධනය වී තිබෙන බව ඇමරිකානු මහ බැංකුව පවසා ඇත.
යුරෝපීය ණය අර්බුදය නිසා ඇමරිකානු බැංකු වලට සිදුවන බලපෑම පිළිබඳව දැඩි අවධානයක් දක්වා ඇතැයි ඇමරිකානු මහ බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
|