2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

Seychelles හා එක්ව සංචාරක පැකේජ විකිණීමේ අවධානය
04/21/2012 15:53

Sri Lanka, Seychelles joint holiday packages mooted

ලංකාව මෙන්ම සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබෙන Seychelles දිවයිනට පැමිණෙන සංචාරකයින් ලංකාවටද ගෙන්වා ගන්නා ඒකාබද්ධ වැඩසටහනක් පිළිබඳව අවධානය යොමුවෙයි.

ලංකාවට පැමිණි Seychelles දිවයිනේ විදේශ අමාත්‍ය ජීන් පෝල් ඇඩම්ස් රජයේ නියෝජිතයින්ට දැනුම් දී තිබෙන්නේ එරට සංචාරක මෙහෙයුම් කරුවන් ලංකාවද ඒකාබද්ධ කර සංචාරක ගමන් පැකේජ හඳුන්වා දීමට කැමැත්තෙන් සිටින බවයි.

මේ සඳහා දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට තිබෙන හැකියාවද ඔවුන් මතුකර තිබෙන බව එරට විදේශ අමාත්‍යවරයා මෙරට රජයේ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයක් වන Seychelles ඉදිරි වසරේදී බලාපොරොත්තු වන සංචාරකයින් ප්‍රමාණය 350,000 ක් පමණ වේ.

මීට අමතරව, Seychelles වෙත ලංකාවෙන් ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් ඇතුළු මුහුදු ආහාර ආනයනය කිරීමට අවධානය යොමුකර තිබෙන බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.