2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

කුකුළු මස් කිලෝ 08 ක් කද්දී වෙළඳ පොළ යුද්ධය ඇරඹෙයි
04/19/2012 16:29

Sri Lanka poultry industry margins to narrow

2016 වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 08 ක් වැනි අගයක් දක්වා වැඩිවුවත් කුකුළු පාලන කර්මාන්තයේ ලාභ පරාස තවදුරටත් අඩුවනු ඇතැයි අනාවරණය වේ.

Ceylon Grain Elevators සමාගමට අනුබද්ධ දිනක් වයසැති කුකුළු පැටවුන් නිපදවන මෙරට විශාලතම සමාගම වන Three acre farms විසින් සිය කොටස් කරුවන්ට අනාවරණය කර තිබෙන්නේ මෙම කර්මාන්තයේ අධික සැපයුම හමුවේ මෙසේ ලාභ පරාස අඩුවනු ඇතැයි පුරෝකතනය කරන බවයි.

2011 වසර වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 5.7 ක මට්ටමක තිබුණි.

“කුකුළු පාලන කර්මාන්තය එළඹෙන වසර වලදී අධි ධාරිතාවයක් ගන්නා බවට අනුමාන කළ හැකියි. මෙයට හේතුව වී තිබෙන්නේ මෙම කර්මාන්තයේ සිටින ප්‍රධාන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම. මේ නිසා, ඉදිරියේදී ලාභ පරාස අඩුවන බවට අනුමාන කළ හැකියි.“

යනුවෙන් සිය වාර්ෂික වාර්තාවෙන් සමාගමේ ප්‍රධාන විධායකවරයා වන Cheng Chih Kwong කොටස් කරුවන්ට දැනුම් දී ඇත.

මෙවැනි තත්ත්වයක් හමුවේ වුවද සිය සමාගමේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සිය නිෂ්පාදන ඒකකය නවීකරණය කිරීමට හා ඵලදායීතාවය වැඩි කිරීමට කටයුතු කරන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Three acre farms සමාගම පවසා තිබෙන්නේ 2010 හතරවන කාර්තුවේදී දිනක් වයසැති කුකුළු පැටවුන් සැපයීම වැඩි කිරීමට රජයද මැදිහත් වූ බවත් මේ නිසා 2011 මුල් කාර්තුව වනවිට අධි සැපයුමක් ඇතිවූ බවයි.

ඉන්පසුව, 2011 දෙවන හා තුන්වන කාර්තුවල කුකුළු නිෂ්පාදන සඳහා පැවති ඉල්ලුම අඩුවූ බවත් මේ නිසා පාඩු අවම කර ගැනීම සඳහා ප්‍රධාන නිෂ්පාදන සමාගම් වලට සිය නිෂ්පාදනය අඩු කිරීමට සිදුවූ බවත් මෙම සමාගම අනාවරණය කර ඇත.

නැවතත්, මේ වසරේ පළමු කාර්තුවේදී වෙළඳ පොළ යළිත් යථා තත්ත්වයට පත්වූ පසුව දිනක් වයසැති කුකුළු පැටවුන් සඳහා වන ඉල්ලුම සපුරාලීමට දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ බව සඳහන්ය.

මෙවැනි උච්චාවචන තත්ත්වයන් කුකුළු නිෂ්පාදන කරන සමාගම් වලත් සමස්තයක් ලෙස කර්මාන්තයේත් පිරිවැය වැඩිකිරීමට හේතුවී තිබේ.

කුකුළු කෑම සඳහා යන පිරිවැයද දිනෙන් දින වැඩිවීම මෙම කර්මාන්තයට තර්ජනයකි.

Ceylon Grain Elevators සමාගම් සමූහය ගිය වසරේදී රුපියල් මිලියන 387 ක ලාභයක් ලබා තිබුණත් එය 2010 වසරට සාපේක්ෂව සියයට 18 ක අඩුවීමකි.

මෙහිදී කැපී පෙනෙන්නේ ගිය වසරේදී සමාගම් සමූහයේ ආදායම සියයට 30.8 කින් රුපියල් බිලියන10.4 ක් දක්වා වර්ධනය වී තිබියදීත් ලාභය අඩුවීමයි.

2011 දී සමාගමේ පිරිවැය සියයට 34.9 කින් රුපියල් බිලියන 9.66 ක් දක්වා වර්ධනය වී තිබීම එයට හේතුවයි.




Comments

1. Kukula
mage lamainep nasaya kapa dama sareeraya kudukarala sup kata hadagena bonawa, upadinna inna lamai thambala, omlet dala kanawa, ape kakul, papu, angili wena wenama mila karala mragena kanawa, Minisune thopita hen hatama gahanawa mewata anubala dena pauwath path karayan maka ba wela palayan, Api oluwa ussapu kaleka Vimasuma sup dala omlet dala kanawamai