2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

මාවිල්ආරු සැකකරුවෝ ඔක්තෝම්බර් 01 දා දක්වා රිමාන්ඩ්
09/17/2007 16:19

සැප්,17,(විමසුම) – මාවිල් ආරු ගොවි වන්දි වංචා නඩුවට අදාළ සැකකරුවන් තවදුරටත් ඔක්තෝම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මාවිල් ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව, වගා හානි වූ ගොවීන්ට බෙදා දීමට ලබාදුන් ගොවි වන්දි මුදලින් කොටසක් වංචා කිරීමට අදාළව අත් අඩංගුවේ සිටින කෘෂි රක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපති නාමල් රත්නායක ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට මෙම නියෝගය අධිකරණය ලබා දුන්නේය.

මෙම නඩුව අද සලකා බැලුණේ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය හමුවේයි.

මෙහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව අධිකරණය හමුවේ පැවසුවේ, තවමත් එම දෙපාර්තමේන්තුව විසින් මෙම වංචාව පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.