2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

පීපල්ස් ලීසිං බැඳුම්කර නිකුතුවකට සැරසෙයි
07/19/2012 16:10


මහජන බැංකුවට අනුබද්ධ මෙරට විශාලතම කල්බදු සමාගම වන පීපල්ස් ලීසිං සමාගම යුරෝ-ඩොලර් බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් මිලියන 150 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ.

බදාදා දිනයේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් පීපල්ස් ලීසිං සමාගමට‍ B+ ඇගයුමක් ලබාදුන් අතර එය ස්ථාවර ඉදිරි දැක්මකි.

මහජන බැංකුව විසින් පීපල්ස් ලීසිං සමාගමට දිගු කාලීනව ශක්තිමත් සහායක් ලබාදෙන බව පුවර්ස් විසින් පවසා තිබෙන අතර කල්බදු ව්‍යාපාරය මහජන බැංකු සමූහයේ වැදගත් කොටසක් යැයි සඳහන් කර ඇත.

මේ අනුව, සමූහයේ 2011 වත්කම් වලින් සියයට 13 ක් කල්බදු ව්‍යාපාරයේ වත්කම් බව සඳහන්ය. ගිය වසරේදී සමූහයේ ලාභ වලින් සියයට 26 ක් පීපල්ස් ලීසිං සමාගමින් ලැබුණු බවත් කියා තිබෙන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විශාල ණය වර්ධනය හා ක්ෂේත්‍රයේ පවතින දැඩි තරගකාරීවය අවධානමක් මතුකර තිබෙන බවද පවසා ඇත.

ආරංචි මාර්ග අනාවරණය කරන්නේ බොහෝවිට Barclays සහ HSBC විසින් මෙම නිකුතුවේ ප්‍රධාන කළමනාකරුවන් වනු ඇති බවයි.