2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ඇමරිකානු සංචාරකයින් වැඩිපුර කැඳවීමට සැලසුම්
08/08/2012 09:20


Sri Lanka aims to attract more American travelers

මෙරටට එන ඇමරිකානු සංචාරකයින් ප්‍රමාණය 2016 වසර වනවිට 100,000 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් සකස් කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කරන බවත් ඇමරිකාව සඳහා පත්කර තිබෙන ශ්‍රී ලංකා තානාපතිවරයා කියයි.

මේ අනුව, ඇමරිකාවේ වෙසෙන මෙරට‍ තානාපති ජාලිය වික්‍රමසූරිය පැවසුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වනවිට ඇමරිකානුවන් තුළ විශාල උනන්දුවක් තිබෙන බවත් වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් අතර ඇමරිකානුවන්ට මුල් තැනක් හිමිවන බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට විශාල කාලයක් ගතවන නිසා යුරෝපයෙන් තරම් වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ඇමරිකාවෙන් ලංකාවට පැමිණෙන්නේ නැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වැඩ බලන සභාපති විපුල වණිගසේකර පැවසුවේ බොහෝ ඇමරිකානුවන් සංචාරය සඳහා වියට්නාමයට යන බවයි.

එයට හේතුව ඇමරිකාව හා වියට්නාමය අතර පැවති යුද්ධයේ ඓතිහාසික කාරණා බව හෙතෙම සඳහන් කළේය.

මේ වසරේදී ඇමරිකානු සංචාරකයින් 45,000 ක් පමණ මෙරටට පැමිණෙතැයි විශ්වාසය පළකර තිබෙන අතර 2012 මුල් මාස හය තුළදී මෙරටට උතුරු ඇමරිකානු සංචාරකයින් 27,355 ක් පැමිණ තිබේ.