ආහාර පනතට නව සංශෝධන ගෙන එමින් අලෙවියට තබා තිබෙන ආහාර වලට සීනි සහ ලුණු යෙදීම පාලනය කිරීමට නව නීති හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට ජනතාව අනුමත ප්‍රමාණයන් ඉක්මවා සීනි සහ ලුණු භාවිත කරන බැවින් අධි රුධිර පීඩනය, දියවැඩියාව ආඝාතය වැනි රෝග වලට වේගයෙන් ගොදුරු වෙමින් තිබෙන බවයි.