2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

Krrish කොටුවට සුපිරි නිවාස සංකීර්ණයක් ගෙනේ
09/03/2012 12:22


මධ්‍යසාර හා දේපොළ අංශයේ ව්‍යාපාර කටයුතු කරන ඉන්දියාවේ Krrish සමාගම් සමූහය ඩොලර් මිලියන 460 ක ආයෝජනයකින් කොළඹ කොටුවේ සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ.

මේ බව වාර්තා කරමින් “සන්ඩේ ටයිම්ස්“ පුවත් පත සඳහන් කරන්නේ රජයෙන් 99 අවුරුදු බදු පදනම යටතේ කොළඹ කොටුවේ පිහිටි බ්‍රිතාන්‍යය යුගයට අයත් “Transworks House“ ගොඩනැගිල්ල හා ඒ අවට ඉඩම් මෙම සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා බවයි.

මේ සඳහා රජයට රුපියල් බිලියන 4.9 ක මුදලක් ලැබීමට නියමිතය.

මේ අනුව, මෙම සුපිරි නිවාස සංකීර්ණය Transworks Tower ලෙස නම් කිරීමට සැලසුම් කර තිබෙන අතර චැතම් වීදිය, ලෝටස් පාර, ඩී.ආර්. විජේවර්ධන මාවත, යෝර්ක් වීදිය යන මාර්ග වලට සම්බන්ධ ඉඩම් කොටසේ ඉදිකිරීමට නියමිතය.

මීට පෙර මෙම ඉඩමෙන් කොටසක් මහජන බැංකුවට හා ශ්‍රී ලංකා මහ බැංකුවට කල්බදු ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාදී තිබුණු අතර මේ වනවිට මෙම ඉඩම වාහන අංගනයක් ලෙස භාවිතා කරයි.

වාර්තාවන ආකාරයට ඉන්දියානු සමාගම විසින් මෙම ඉදිකිරීම කළ පසුව මහ බැංකුවට මෝටර් රථ 300 ක් හා බස්රථ 10 ක් නතර කළ හැකි වාහන අංගනයක් සහ වර්ග මීටර් 3000 ක වාණිජ ඉඩ කඩක් ලබාදීමට එකඟ වී තිබේ.