|
මේ අනුව, සිදුවී ඇතැයි කියූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පස් පුද්ගල විනය කමිටුවක් පත්කළ බවත් එයට පාලිත කුමාරසිංහ, ඩිනාල් ෆිලිප්ස්, හරිගුප්තා රෝහණධීර, කැමිලස් ගුණවර්ධන, ලූෂන් මෙරිනගේ යන අය පත්කර තිබුණු බවත් සඳහන්ය.
මෙම විනය කමිටුව විසින් කරන ලද පරීක්ෂණයට අනුව එවැනි ලිංගික අපචාර සිද්ධියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන කාර්යාලය තුළ සිදුවී නොමැති බවට තහවුරු කර වාර්තාවක් සපයා ඇත.
මෙම පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එහි සේවකයින් අවමානයට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයක් විසින් ගෙතූ පුවතක් බව අදාළ වාර්තාවේ දක්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන අතර අදාළ වාර්තාවට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවට අවධාරණය කර තිබේ.
|