2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ගෝලීය උණුසුම වැඩිවීම උඩරට තේ වලට වාසියිලු
07/13/2012 16:00


ඉදිරියේදී ගෝලීය උණුසුම වැඩිවීමේදී පහත රට හා මැද රට තේ වලට ඉන් අහිතකර බලපෑමක් ඇතිවුවත් උඩරට තේ අස්වැන්න වැඩිවීමට එය හේතුවක් වනු ඇතැයි හෙළිවේ.

මේ බව ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විසින් පෙන්වා දී තිබෙන බව මුදල් අමාත්‍යංශය විසින් 2011 වෙනුවෙන් නිකුත් කළ වාර්තාවේ දක්වා තිබෙන අතර මෙය සැලකිය යුතු තත්ත්වයකි.

උෂ්ණත්වය වැඩිවීම නිසා උඩරට තේ අස්වැන්න වැඩිවනු ඇතැයි මෙහිදී සඳහන් කර තිබේ.

මිලියන 1.5 ක පමණ පිරිසක් පහත රට කුඩා තේ වතු කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපාය ගැටගසා ගන්නා අතර මෙය ඔවුන් පැත්තෙන් බලන කළ අභියෝගයකි.

පසුගිය වසර 100 කාලය තුළ පෘථවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන අතර ඉදිරි ශත වර්ෂයේදී ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4-5.8 අතර අගයකින් ඉහළ නගිනු ඇතැයි පුරෝකතනය කර ඇත.

පසුගිය කාලයේදීත් පහත රට තේ කර්මාන්තය අධික නියං තත්ත්වයකට මුහුණ දුන් අතර තේ වගාවන් මැරී යාමෙන් ගොවීන් පීඩාවට පත්වුණි.