2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය හෙළිවේ
09/17/2012 16:58


Sri Lanka economy grows 6.4-pct in 2Q: statistics office

මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 7.9 ක්වූ මෙරට ආර්ථික වර්ධනය 2012 දෙවන කාර්තුවේදී 2011 දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 6.4 ක් දක්වා අඩුවී තිබෙන බව නවතම දත්ත වලින් අනාවරණය වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු වලට අදාළ දත්ත වලින් මේ බව හෙළිවේ.

මේ අනුව, 2012 දෙවන කාර්තුවේදී මෙරට කෘෂි කාර්මික අංශය සියයට 9.1 කින්ද, කර්මාන්ත අංශය සියයට 9.5 කින්ද, සේවා අංශය සියයට 4.5 කින්ද වර්ධනය වී තිබේ. 2011 දෙවන කාර්තුවේදී කෘෂි කාර්මික අංශය සියයට 1.8 කින්ද, කර්මාන්ත අංශය සියයට 9.5 කින්ද, සේවා අංශය සියයට 8.8 කින්ද වර්ධනය වී තිබුණි.

2012 දෙවන කාර්තුවේ කෘෂි කාර්මික අංශය සැලකීමේදී තේ අංශයේ වර්ධනය සියයට 3.5 කින් අඩුවී තිබෙන අතර රබර් ආශ්‍රිත අංශය සියයට 7.0 කින්ද, පොල් අංශය සියයට 6.0 කින්ද, වී වගාව සියයට 36.4 කින්ද වර්ධනය වී තිබෙන අතර ධීවර අංශය සියයට 12.9 කින් ඉහළ ගොස් ඇත.

මීට අමතරව, කර්මාන්ත අංශයේ පතල් හා කැණීම් අංශය සියයට 13.7 කින්ද, ඇඟලුම්, රෙදි පිළි හා සම් භාණ්ඩ නිෂ්පාදනය සියයට 6.2 කින්ද ඉහළ ගොස් තිබේ.

සේවා අංශය සැලකීමේදී තොග හා සිල්ලර වෙළඳාම සියයට 4.5 කින් වර්ධනය වෙද්දී ආනයන වෙළඳාම සියයට 1.0 කින් අඩුවී තිබෙන අතර අපනයන සියයට 2.3 කින් ඉහළ ගොස් දේශීය වෙළඳ කටයුතු සියයට 7.3 කින් වැඩිවූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.

මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 7.0 ක මට්ටමක් දක්වා අඩුවනු ඇතැයි පුරෝකතනය කර තිබෙන අතර මීට පෙර වසර දෙක තුළම සියයට 08 කට ආසන්න ආර්ථික වර්ධනයක් පැවතුණි.

මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසා තිබුණේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 6.7 ක් පමණ වනු ඇති බවයි.