2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ත්‍රස්තවාදයට එරෙහිවීමට ලංකාවට අයිතියක් ඇත
05/14/2009 09:38

- එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය

මැයි,14,(විමසුම) – ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවට අයිතියක් ඇතිබව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ගැටුම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් පවත්වා තිබෙන ප්‍රථම නිළ රැස්වීමේදී මේ බව පවසා තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

කොටි සංවිධානය වසර ගණනාවක් සිදුකරන ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි විවේචනයට ලක්වූ බවත් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස එල්.ටී.ටී.ඊ.ය රඳවා ගැනීමද හෙළාදැක තිබෙන බවත් වාර්තාවේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ගැටුම් පවතින ප්‍රදේශවල පවතින මානුෂවාදී ගැටලු උත්සන්නවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි අවධානය යොමුවී තිබෙන බව මෙහිදී සඳහන් වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය දිනවල වාර්තාවූ සිවිල් වැසියන් සිය ගණනක් තුවාලවීම් පිළිබඳව ආරක්ෂක මණ්ඩලය විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව සඳහන්ය.

මේ නිසා, සිවිල් වැසියන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස, රජයෙන් හා කොටි සංවිධානයෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මණ්ඩල නියෝජිතයින් පවසා ඇත.

එසේම, ජාත්‍යන්තර මානුෂවාදී නීතීන්ට දෙපාර්ශවයටම ගරුකරන ලෙසද ආරක්ෂක මණ්ඩලය පවසා තිබේ.