2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

SLPL මගින් උපයා ගැනීමට යන ආදායම මෙන්න
08/02/2012 11:05


Sri Lanka Cricket hopes to earn more than $6 mn from T20 premier league

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ වෘත්තීය ගාස්තු, අනුග්‍රාහකත්වයන් ඇතුළුව තරගාවලිය තුළින් උපයා ගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳ ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කර තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරන්නේ මෙම තරගාවලිය තුළින් ඩොලර් මිලියන 06 කට වැඩි මුදලක් උපයාගත හැකි බවයි.

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු 10-31 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හා පල්ලේකැලේ ක්‍රීඩාංගන වලදී පැවැත්වේ.

මෙහිදී කණ්ඩායම් හතක් තරග වදින අතර මේවාට අයත් ක්‍රීඩකයින් ඇතුළු සේවා සපයන පුද්ගලයින් 7000 කින් පමණ මේ කාලයේදී හෝටල් කාමර පිරී යනු ඇති බවට විශ්වාස කරයි.

මෙහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 03 ක්, ක්‍රීඩකයින් විසින් ඩොලර් මිලියන 1.5 ක්, විනිසුරුවන් ඇතුළු නිළධාරීන් විසින් ඩොලර් 500,000 ක්, උපයාගනු ඇතැයි පුරෝකතනය කර ඇත.

මෙම තරගාවලියට රටවල් හතකට අයත් විදේශිය ක්‍රීඩකයින් 42 දෙනෙකු සහභාගී වන අතර ESPN STAR Sports නාලිකාව හරහා ජාත්‍යන්තරවත් Carlton Sports Network හරහා දේශීවත් තරගාවලිය විකාශය කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් මෙසේයි.

Wayamba – Wadhawan Holdings Private Limited – 5.02 million dollars

Kandurata - Number One Sports Consulting Private Limited - 4.98 million dollars

Ruhuna - Pearl Overseas Limited – 4.6 million dollars

Uva -- Success Sports Private Limited – 4.6 million dollars

Basnahira -Indian Cricket Dunde Limited -4.33 million dollars

Uthura - Rudra Sports Private Limited – 3.4 million dollars

Nagenahira - Varun Beverages Lanka Private Limited – 3.22 million dollars