2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

උතුරේ ජනගහනය අඩුවෙද්දී නැගෙනහිර වැඩිවෙයි
06/28/2012 14:12


North population shrinks, East expands

යුද්ධය අවසන් කිරීමෙන් පසුව දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වූ ජන සංගණනයේ ප්‍රතිඵල වලට අනුව යුද්ධයට මැදිවූ උතුරේ ජනගහනය අඩුවෙද්දී කොටි ග්‍රහණයට උතුර තරම් නතු නොවූ නැගෙනහිර ජනගහනය වැඩිවීම කැපී පෙනේ.

මෙම ප්‍රදේශ ආවරණය වන පරිදි 1981 කට පසුව පැවැත්වූ පළමු ජන සංගණනය මෙය වන අතර යාපනය දිස්ත්‍රික්කයේ ජනගහනය 1981 දී වූ 734,474 ක සිට වත්මන් සංගණනය වනවිට 583,017 ක් දක්වා අඩුවී තිබේ.

1981 දී මෙරට සිටි මිලියන 14.846 ක් වන ජනගහනය වත්මන් සංගණනයට අනුව මිලියන 20.277 ක් දක්වා වැඩිවී තිබෙන අතර 1981 සිට 2012 දක්වා ජනගහනය වර්ධනය වී තිබෙන්නේ සියයට 1.0 ක සාමාන්‍ය අනුපාතයකිනි.

උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ජනගහනයද මෙම කාල සීමාවේදී සියයට 0.2 කින් අඩුවී 99,063 ක්වී තිබේ.

මෙයට හේතුවී තිබෙන්නේ යුද්ධය නිසා අවතැන්වූ පිරිස් මෙම දිස්ත්‍රික්ක වලින් පිටතට සංක්‍රමණය වීමයි.


කෙසේවෙතත්, යුද්ධයේ අවසන් සටන පැවතුණු මුලතිව් දිස්‍ත්‍රික්කයේ ජනගහනය 1981 සිට 2012 දක්වා සියයට 0.7 ක වර්ධනයක් තිබෙන අතර සිටින ජනගහනය 92,228 කි.

උතුරේ වව්නියාව දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩිවී තිබෙන අතර 1981-2012 කාලය තුළ මෙම දිස්ත්‍රික්කයේ ජනගහන වර්ධනය සියයට 1.97 ක්වී 172,789 ක්වී තිබෙන්නේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් විශාල වශයෙන් වව්නියාවට පැමිණීම නිසයි.

මේ අතර, කොටි ග්‍රහණයට එතරම් නතු නොවූ මුස්ලිම් හා සිංහල පිරිස් වැඩිපුර සිටින නැගෙනහිර පළාතේ ජනගහනය වර්ධනය වී තිබේ.

දිවයිනේ දෙවැනියට වැඩිම ජනගහන වර්ධනය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර 1981-2012 අතර එහි වර්ධන වේගය සියයට 1.68 කි.

මඩකළපුවේ ජනගහනය මේ කාලයේදී සියයට 1.50 කින්ද ත්‍රිකුණාමලයේ ජනගහනය සියයට 1.31 කින්ද වර්ධනය වී තිබේ.

සමස්ත ජනගහනයෙන් උතුරේ ප්‍රමාණය 1981 දී සියයට 7.4 ක් වූ අතර එය 2012 දී සියයට 5.23 ක් දක්වා අඩුවෙද්දී නැගෙනහිර ජනගහනය සියයට 6.49 ක සිට සියයට 7.63 ක් දක්වා වැඩිවී ඇත.